නිටාෂා කාන්ත සහ ෆස්රින් මොහොමඩ් නවාස්, භූතානයේ තිම්පු හි පැවති 16 වන දකුණු ආසියානු කායවර්ධන සහ ශාරීරික ක්‍රීඩා ශූරතාවලියේදී මිශ්‍ර යුගල රන් පදක්කම දිනා ගැනීමට සමත් වූහ . ඒ අනුව මෙම යුවළ WBPF අනුමත ජාත්‍යන්තර ශූරතාවලියකදී රන් පදක්කමක් දිනාගත් පළමු ශ්‍රී ලාංකික මිශ්‍ර යුගලය බවට පත්විය.
WBPF අනුමත ජාත්‍යන්තර ශූරතාවලියකදී රට නියෝජනය කළ පළමු ශ්‍රී ලාංකික මිශ්‍ර යුගලය වන්නේ නිටාෂා කාන්ත සහ ෆස්රින් මොහොමඩ් නවාස් දෙදෙනාය . එමෙන්ම WBPF අනුමත ජාත්‍යන්තර ශූරතාවලියකදී රන් පදක්කමක් දිනාගත් පළමු ශ්‍රී ලාංකික මිශ්‍ර යුගලය වන්නේද ඒ දෙදෙනාය .
