ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීම හේතුවෙන් ආහාර මිල ගණන්ද පහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනාශාලා හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් පැවසීය.
ඒ අනුව කෑම පාර්සලයක් (බත්) රුපියල් 15 කින්, ප්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල රුපියල් 15 කින්, කෙටි ආහාර රුපියල් 5 කින්, කිරි තේ සහ ප්ලේන්ටී එකක් රුපියල් 5 කින් අඩු කිරීමට පියවර ගෙන ඇත .
සංශෝධිත මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙයි .