ඩොලර් මිලියන 2.5 ක වංචාව ගැන 91 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගනී .

මහා භාණ්ඩාගාරයට අයත් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් විසින් ලබාගැනීමේ සිද්ධියට අදාළව මේ වනවිට පුද්ගලයින් 91 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල අද (05) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ප්‍රකාශ ලබාගත් 91 දෙනා මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව, රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය සහ මහ බැංකුව යන ආයතනවල සේවය කරනා නිලධාරීන්ගෙන් බව ඔහු වැඩි දුරටත් පැවසීය .

විමර්ශන සඳහා අවශ්‍ය බැංකු ගිණුම් තොරතුරු සහ ඩිජිටල් සාක්ෂි ලබාගැනීමට ‘MLA’ ක්‍රමවේදය ඔස්සේ අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ස්විට්සර්ලන්තය සහ සැම්බියාව යන රටවලින් තොරතුරු ඉල්ලා ඇතිබව ඔහු සඳහන් කළේය .