ශ්රී ලංකා ගුරු සේවයේ පුරප්පාඩු 23,006ක් සඳහා බඳවා ගුරුවරුන් ගැනීමේ සම්මුඛ පරීක්ෂණවල පළමු අදියරට සුදුසුකම් ලැබූ උපාධිධාරීන්ගේ ලැයිස්තු අධ්යාපන අමාත්යාංශය විසින් ප්රකාශයට පත් කර ඇත.
මෙම බඳවා ගැනීම් සිදු කරනු ලබන්නේ ජාතික සහ පළාත් පාසල්වල සිංහල, දෙමළ සහ ඉංග්රීසි මාධ්ය ගුරු පුරප්පාඩු පිරවීම සඳහා ශ්රී ලංකා ගුරු සේවයේ 3-I (අ) ශ්රේණියට අදාළවය. රාජ්ය සහ රාජ්ය නොවන යන අංශ දෙකෙහිම සිටින උපාධිධාරීන්ගෙන් ඒ සඳහා අයදුම්පත් කැඳවා තිබුණි.
විභාග දෙපාර්තමේන්තුව විසින් 2026 මැයි 24 වන දින මීට අදාල ලිඛිත විභාගය පවත්වන ලද අතර, ඊට අදාල ලැයිස්තු අද දින අමාත්යාංශයේ නිල වෙබ් අඩවියේ ප්රකාශයට පත් කරන ඇත .
අයදුම්කරුවන්ට අදාළ පළාත් වෙබ් පිටුවට පිවිසීමෙන් සහ තම පදිංචි පළාතට අදාළ ලැයිස්තුව පරීක්ෂා කිරීමෙන් තම සුදුසුකම් තහවුරු කර ගත හැකිය. මෙම ලැයිස්තු විභාග මාධ්යය සහ අදාළ ගැසට් නිවේදනය අනුව සකස් කර ඇත. සම්මුඛ පරීක්ෂණ අදියර සඳහා තමන් සුදුසුකම් ලබා ඇත්දැයි තහවුරු කර ගැනීම පිණිස අපේක්ෂකයින්ට තම විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය භාවිතයෙන් සොයා බැලිය හැකිය.
පළාත් අනුව සකස් කළ ලැයිස්තු පහත සබැඳි (links) හරහා ලබා ගත හැකිය:
බස්නාහිර පළාත: https://moe.gov.lk/en/western-province/
මධ්යම පළාත: https://moe.gov.lk/en/central-province/
දකුණු පළාත: https://moe.gov.lk/en/southern-province/
උතුරු පළාත: https://moe.gov.lk/en/northern-province/
නැගෙනහිර පළාත: https://moe.gov.lk/en/eastern-province/
වයඹ පළාත: https://moe.gov.lk/en/north-western-province/
උතුරු මැද පළාත: https://moe.gov.lk/en/north-central/
ඌව පළාත: https://moe.gov.lk/en/uva-province/
සබරගමුව පළාත: https://moe.gov.lk/en/sabaragamuwa-province/
සුදුසුකම් ලැබූ අයදුම්කරුවන් විසින් ලැයිස්තු සමඟ ප්රකාශයට පත් කර ඇති සියලුම උපදෙස් සහ අදාළ ලේඛන හොඳින් කියවා බලන ලෙස අමාත්යාංශය උපදෙස් දී ඇත. අදාළ විශ්වවිද්යාලවලින් ලේඛන ලබා ගැනීමට අවශ්ය අපේක්ෂකයින්ට, එම ලේඛන සඳහා 2026 ඔක්තෝබර් 20 දිනට පෙර අයදුම් කරන ලෙස උපදෙස් දී ඇත.
මෙම සම්මුඛ පරීක්ෂණ 2026 නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතය. සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය, දිනය සහ වේලාව සඳහන් ලිපි නියමිත වේලාවට අපේක්ෂකයින් වෙත තැපෑලෙන් යවනු ලැබේ.