ඩුබායි හිදී අත්අඩංගුවට ගත්, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “ශිරාන් බාසික්” නමැත්තා අද (14) රාත්‍රියේ දිවයිනට රැගෙන ආ බව ගුවන් තොටුපොළ ආරංචිමාර්ග පවසයි . ඔහු මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන මහා පරිමාණ ජාවාරම්කරුවන් 5 දෙනාගෙන් එක් අයෙකු වන බවට සැලකේ.
අද රාත්‍රී 08:48ට Air Arabia ගුවන් සේවයේ 3.එල්.- 708 දරන ගුවන් යානයෙන් අබුඩාබි නුවර සිට සැකකරුවන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් තිබුණි. ඔහු සමග තවත් පාතාල කල්ලි සාමාජිකයින් බවට සැකකෙරෙන දෙදෙනෙකුද මෙරටට රැගෙන ආ බව වාර්තා වේ .
දෙහිවල, කළුබෝවිල ප්‍රදේශයේ පදිංචි ශිරාන් බාසික් 48 හැවිරිදි වියේ පසුවන්නෙකු වන අතර ඔහු ජාත්‍යන්තර පොලීසිය මගින් නිකුත් කළ රතු වරෙන්තුකරුවෙකි. ශිරාන් බාසික් ඉකුත් 2018 වසරේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ගොස් තිබුණි.
ඔහු ඉකුත් ඉරාන – අමෙරිකා යුද්ධයේදී, ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පහරදීම සඳහා භාවිත කළ ඩ්‍රෝන යානා සහ මිසයිලවල ජායාරූප සහ වීඩියෝ දර්ශන තම ජංගම දුරකථනයේ තබා ගෙන සිටියදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබූනි ., ඔහු පිළිබඳ විමර්ශන කටයුතු සඳහා අමෙරිකාව විසින් එරටට ලබාදෙන ලෙස ඉල්ලීමක්ද කර තිබූ බව වාර්තා වෙයි.
එමෙන්ම මොහු ඩුබායිහි ධන කුවේරයෙකු ලෙස සැඟව සිට ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.