ඇමරිකානු නාවික හමුදාව ඉරාන නෞකාවක් අල්ලා ගනී.

සිය අණ නොතකා ඕමාන මුහුදේ යාත්‍රා කරමින් තිබූ ඉරාන නෞකාවකට වෙඩි තැබීමෙන් අනතුරුව එය අත් අඩංගුවට ගත්බව ඇමරිකානු නාවික හමුදාව පවසයි .

ඉරාන දජය සකිතව යාත්‍රා කරමින් තිබූ මෙම නෞකාවට නතර කරනා ලෙස ඇමරිකානු නාවික හමුදාව කළ අනතුරු ඇඟවීම නොතකා කටයුතු කිරීම නිසා එහි එන්ජින් කාමරයට වෙඩි තැබීමට සිදුවූ බවටහ් අනතුරුවන් නෞකාව තම බාරායට ගත් බවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ”ටෲත් සෝෂල්” සමාජ මාධ්‍ය ගිණුමේ සඳහන් කර ඇත .

අඩි 900 කට ආසන්න දිගකින් යුත් TOUSKA නම් මෙම භාණ්ඩ ප්‍රවාහන නෞකාව සිය නාවික බාධක පසුකර යාමට උත්සාහ කළ අවස්ථාවේ එයට නවතින ලෙස සංඥා කළ බවත් , අණ නොතකා ධාවනය කිරීම නිසා ඊට වෙඩිතබා සිය භාරයට ගත් බව ට්‍රම්ප්ගේ එම සටහනේ සඳහන්ව ඇත .

මේ පිළිබඳව අදහස් දක්වමින් ඉරාන ආරක්ෂක අමාත්‍යංශය පවසනුයේ ඕමාන් මුහුදේදී ඉරානයේ වාණිජ නෞකාවකට වෙඩි තැබීම සන්නද්ධ මුහුදු මංකොල්ලයක් ලෙස තමන් හඳුන්වන බවයි .

ඒ අනුව මෙම සන්නද්ධ මුහුදු කොල්ලකෑමේ ක්‍රියාවට ඉරාන ඉස්ලාමීය ජනරජයේ සන්නද්ධ හමුදා ඉක්මනින් ප්‍රතිචාර දක්වනු ඇති බව ඉරාන ආරක්ෂක අමාත්‍යංශය පවසයි .