දෙවන පාසැල් වාරය ඇරඹෙයි .

2026 වර්ෂයේ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික, සිංහල හා දෙමළ පාසල්වල දෙවන පාසල් වාරය අද (20) ආරම්භ විය .

පළමු පාසල් වාරයේ දෙවන අදියර අප්‍රේල් 10 වනදායින් අවසන් වූ අතර සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව අප්‍රේල් 19 වනදා දක්වා නිවාඩු ලබා දී තිබුණා. මෙම දෙවන පාසල් වාරය 2026 ජුලි 24 සිකුරාදා තෙක් ක්‍රියාත්මක වෙයි .

එමෙන්ම සියළු මුස්ලිම් පාසල්වල පළමු පාසල්වාරයේ සිව්වන අදියර ද අදින් ආරම්භ වෙයි