අනතුරට ලක්වූ එයාර් ඉන්දියා ගුවන්යානයේ නියමුවා මරිජුවානා භාවිත කර ඇතිබව හෙළිවෙයි.

පසුගිය සතියේ තායිලන්තයේ ෆුකෙට් සිට ඉන්දියාවේ නවදිල්ලිය දක්වා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් හදිසියේම නියමිත උසින් අඩි 300 ක් පහළට කඩා වැටීම නිසා එහි ගමන්ගත් මගීන් සහ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙක් තුවාල ලබා ඇත.

අනතුරුව සිදුකළ පරීක්ෂණයකදී එම යානයේ ප්‍රධාන නියමුවා ගංජා (Marijuana) භාවිත කර තිබූ බව තහවුරුව ඇතිබව වාර්තාවේ . එම සිදුවීමත් සමග එයාර් ඉන්දියා ගුවන් සේවය සිය සියලුම ගුවන් නියමුවන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි සොයා බලන පරීක්ෂණ පැවැත්වීමට තීරණය කර තිබේ. දැනට පවතින නීතිරීතිවලට අනුව, අහඹු ලෙස පරීක්ෂා කරනු ලබන්නේ ගුවන් නියමුවන්ගෙන් 10%ක ප්‍රමාණයක් පමණි.

මේ වන විට ඉන්දියානු බලධාරීන්, එයාර්බස් සමාගම සහ ප්‍රංශයේ ගුවන් ආරක්ෂණ ඒජන්සිය සමඟ එක්ව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි. එම පරීක්ෂණ නිමාවන තෙක් එම යානය පැදවූ ගුවන් නියමුවන් දෙදෙනාම සේවයෙන් අත්හිටුවා තිබේ.

2025 ජූනි මාසයේදී ඉන්දියාවේ අහමදාබාද් සිට ලන්ඩන් දක්වා පියාසර කළ ගුවන් යානයක් ගුවන්ගත වී සුළු මොහොතකින් කඩා වැටීමෙන් යානයේ සිටි 241 දෙනෙකු සහ ගොඩබිම සිටි 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය . එම සිදුවීමත් සමග එයාර් ඉන්දියා සමාගම දැඩි විවේචනයට ලක් වු අතර එහි ආරක්ෂක ක්‍රම පිළිබඳව ප්‍රශ්ණ මතුවන්නට විය