අඩුම ගානට තෙල් දෙන්න ආණ්ඩුව උත්සහ කරනවා

ලෝක වෙළඳපොළේ සහ මෙරට වෙළඳපොළේ ඉන්ධන මිල අතර පරතරය අවම කර ගැනීමට රජය උත්සාහ ගනිමින් සිටින බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම පැවසීය .

එහෙත් මේ වන විට රජය ඩිසල් ලීටරයක් සඳහාම රු. 100කද පෙට්‍රල් ලීටරයක් සඳහා රු. 20කද වියදමක් දරන බව ඔහු සඳහන් කළේය . එසේම ඉන්ධන සැපයුම් සමාගම්ද යම් කොටසක් දරා ගන්නා බවත් අකමැත්තෙන් වුවත් කොටසක් ජනතාව මත පැටවීමට සිදුව ඇතැයිද ඔහු පැවසීය