මැයි දින පෙළපාලියක දී ජනාධිපතිවරයෙකු ඝාතනය කර අදට වසර 31යි

දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතා අභාවප්‍රාප්ත වී වසර 31ක් සපිරෙනවා.

1993 වසරේ මැයි 1 දා මැයි දින පෙළපාලියකට සහභාගී වෙමින් සිටිය දී මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ප්‍රහාරයකින් ප්‍රේමදාස මහතා අභාවප්‍රාප්ත වුණා.

ඔහු සිහිකරමින් ඊයේ (30) පස්වරුවේ ධර්මදේශනයක් පැවැත්වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහ හේමා ප්‍රේමදාස මහත්මිය ප්‍රමුඛ පවුලේ සාමාජිකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන්.

ඒ අතර කොළඹ අලුත්කඩේ පිහිටි රණසිංහ ප්‍රේමදාස මහතාගේ පිළිරුව අසළ දී අද (01) පෙරවරුවේ අනුස්මරණ උත්සවයක් පැවැත්වුණා. එම අවස්ථාවට සජිත් ප්‍රේමදාස, ජී.එල් පීරිස් ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් රැසක් සහභාගී වුණා.

මෙතැනින් නරඹන්න

https://www.facebook.com/share/v/b5ptGfQKXEwe7mWh/?mibextid=oFDknk

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!