නව මාලදිවයින් මහකොමසාරිස්වරයා සමග අධ්‍යාපන වීසා ලබාදීම ගැන සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ මාලදිවයින් නව මහකොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood Imad) මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර හමුවක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී අද (21) සිදුවුණා.

උසස් අධ්‍යාපන අවස්ථාවල නිරතව සිටින දරුවන්ගේ කටයුතු පිළිබඳව සහ වීසා ලබාදීමේ ක්‍රියාවලිය ඇතුළු දෙරටට සම්බන්ධ කරුණු පිළිබඳව නව මහකොමසාරිස්වරයා සහ අමාත්‍යවරයා අතර මෙහිදී අදහස් හුවමාරු කර ගැනුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!