පැරා මලල ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නමින් ලෝක වාර්තාවක්

ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා ශූරතා තරගාවලයේදී නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකාවේ සමිත දුලාන් සමත් වුණා.

ඔහු එහිදී එම කාණ්ඩයෙන් ලෝකයෝ වැඩිම දුරක් හෙල්ල වීසි කරන ලද ක්‍රීඩකයා බවට පත් වෙමින් මිටර් 66.49 ක් දක්ෂතාවයක් දැක්වූවා.

සමිත තමන්ට හිමි උත්සාහයන් හයෙන් පළමු උත්සාහයේදීම මෙම දස්කම දක්වන්නට සමත් වූ බවත් ඔහු විසින් බිඳ දමනු ලැබුවේ ඕස්ට්‍රේලියාවේ එම්. බුරියාන් 2001 වසරේදී ජපානයේ ටෝකියෝ හී දී තබා තිබූ මීටර් 66.29 ක වාර්තාව බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!