අමෙරිකා ගිය බන්දුලව ජනපති ආපහු ගෙන්වයි

ලෝක බැංකුව විසින් සංවිධානය කළ සමුළුවකට සහභාගී වීම සඳහා එක්සත් ජනපදයේ වොෂිංටන් නුවර වෙත ගොස් සිටි
අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාව යළි කැඳවීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ඔහු පෙරලා ඊයේ (20) රාත්‍රියේ දිවයිනට පැමිණියා.

නැවත් පැමිණීමෙන් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙලෙස තමා කැඳවු බවයි.

මේ අතර ඊයේ (20) ජාතික පුවත්පතක් වාර්තා කළේ, විදේශගතව සිටින ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් හයදෙනකු වහා ම අද (21) දින පෙරවරුව වන විට මෙරටට ගෙන්වා ගන්නා ලෙස ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා එම කාර්යාලයේ ප්‍රධාන ලේකම්වරයාට දැනුම් දී ඇති බවයි.

එලෙස විදේශගත වූ මන්ත්‍රීවරු අතර අමාත්‍යවරුන් තිදෙනක්, අමාත්‍යවරියක් සහ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ද වූ බවයි වාර්තා වුණේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!