වැල්ලවායේ බසයක් පෙරළේ – ළමුන් ඇතුළු 15ක් රෝහලේ

වැල්ලවාය – තණමල්විල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය කුමාරදාස හන්දියේ දී මීට ටික වේලාවකට පෙර අනතුරක් සිදුව තිබෙනවා.

පාසල් ළමුන් ඇතුළු මගීන් ප්‍රවාහනය කරමින් සිටි පෞද්ගලික බස්රථයකුයි මේ ආකාරයෙන් මාර්ගයේ පෙරළී ගොස් අනතුරක් සිදුව තිබුණේ.

අනතුරින් පාසල් ළමුන් 7 දෙනෙකු සහ බස් රථ රියදුරු ඇතුළු 15 දෙනෙක් වැල්ලවාය මුලික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.

බස් රථයේ රියදුරුට ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් අනතුර සිදුව ඇතැයි පොලීසිය සැක පළ කරනවා.

අනතුර සම්බන්ධයෙන් වැල්ලවාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.