දිඹුලාගල සෙල්ලිපිය යලි නිරීක්ෂණයට

ඓතිහාසික දිඹුලාගල සෙල්ලිපිය පිළිබඳ නැවත අධ්‍යයන කටයුතු ආකාර 3කින් සිදු කිරීමට වර්තමාන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය හිමිව තිබෙනවා.

සෙල්ලිපිය පිළිබඳ අධ්‍යයනය සඳහා පත්කළ විශේෂඥ කමි‍ටුවේ ප්‍රධානි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසන්නේ, ප්‍රථම අදියරයේ දී අධි තාක්ෂණික උපකරණ යොදාගෙන ඩ්‍රෝන කැමරා ආධාරයෙන් ස්කෑන් පිටපත් ලබා ගැනීමත් ඒවා විශ්ලේෂණය කර අර්ථකථන සැපයීමත් සිදු කෙරෙන බවයි.

අනතුරුව විශේෂඥ කමි‍ටුවේ සියලු සාමාජිකයන් ද අනෙකුත් විශ්වවිද්‍යාලවල විශේෂඥයන්ගේ ද සහාය ඇතුව නැවත වතාවක් පලංචි බැඳ දෑසින් බලා විමර්ශනය කර පිටපත් කිරීමත් සිදු කිරීමට නියමිතයි.

මේ අතර තෙවනුව එසේ පිටපත් කරන ලද (ස්ටැන්පේජ්) කඩදාසිවල සටහන් අක්ෂර කියවීම හා විශ්ලේෂණය කර අර්ථ ගැන්වීමේ යන අදියර ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද ඔහු පැවසුවා.

මෙම මස අවසන් සතියේ බොහෝ දුරට ඩ්‍රෝන ආධාරයෙන් අති නවීන කැමරා යොදාගෙන ස්කෑන් කිරීම සිදු කිරීමට සැලසුම් කර තිබෙන බව ද මහාචාර්යවරයා සඳහන් කරනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!