බාලවයස් නින්ජාවරු සුද්දෙ පටන් අරං – අයිස් පානයට හරිම කැමතිලු

නින්ජා වෙස් ගෙන පොල්ගස්ඕවිට නිවසකට ඇතුළු වී දේපළ සොරාගෙන අයිස් මත්ද්‍රව්‍ය පානයේ යෙදුණු බාල වයස්කාර කල්ලියක තිදෙනෙක් සොරා ගත් දේපළ සමග අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.

සැකකරුවන් එලෙස සොරාගෙන තිබූ ඩිවිඩි ප්ලේයරයක් , ලේ පරීක්ෂා කරන යන්ත්‍රයක් පිත්තල භාණ්ඩ පරිගණකයක් සහ ජංගම දුරකථන ඇතුළු තවත් භාණ්ඩ තොගයක් පොලිසිය මගින් සොයාගෙන ඇති බව වාර්තා වනවා.

නිවෙස් දෙකක් හිමි පුද්ගලයෙක් පොල්ගස්ඕවිට ප්‍රදේශයේ නිවස වසා නුගේගොඩ නිවස වෙත අවුරුදු දිනවලට පෙර ගිය අවස්ථාවේදී මම කල්ලියේ සාමාජිකයන් විසින් මුහුණු හා ආවරණය කරගෙන නිවසට වෙත පැමිණ දොර කඩා ඇතුළු වී මෙම දේපළ සොරාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් වයස අවුරුදු 16 17 හා 18 වයස්වල සැකකරුවන් අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිව ඇති බවත් කාලයක් පුරා කහතුඩුව පොලිස් වසමේ සිදුවූ සොරකම්වලට මොවුන් සම්බන්ධ දැයි ඇඟිලි සලකුණු ඔස්සේ විමර්ශන සිදුකරන බවත් පොලිසිය සඳහන් කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!