රුසියාව වෙනුවෙන් සේවය කරන ඔත්තුකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

ජර්මනිය විසින් යුක්‍රේනයට යුද ආධාර ලබා දීමේ සැලසුම කඩාකප්පල් කිරීමට උත්සාහ කළ බවට සැකපිට ජර්මනියේදී පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රුසියානු සහ ජර්මන් ද්විත්ව පුරවැසියන් වන ඔවුන් දෙදෙනා රුසියාව වෙනුවෙන් සේවය කරන ඔත්තුකරුවන් දෙදෙනෙක් බවට සැක කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔවුන් ජර්මනියේ ස්ථාපනය කර ඇති අමෙරිකානු යුද මධ්‍යස්ථාන සම්බන්ධයෙනුත් තොරතුරු සොයා ඇති බව වැඩිදුරටත් සඳහන් වනවා