ඉන්දියානු පිල අසරණ කළ අපේ රග්බි ක්‍රීඩකයෝ

ආසියානු කුසලාන පළමු කාණ්ඩයේ රග්බි තරගාවලියේ ඊයේ (30) පැවති දෙවන තරගයේදී ඉන්දියානු කණ්ඩායම පරදා ජය අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

එහිදී ලකුණු 45ට 10ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියානු කණ්ඩායම පරාජයට පත් කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 45 ලබා ගත්තේ උත්සහක දිනුම් හතක් ප්‍රවර්තන පහක් සමගයි.

උත්සාහක දිනුම් එකක් ප්‍රවර්තන එකක් සහ දඬුවම් පහරක් සමගින් ඉන්දියානු කණ්ඩායම ලකුණු දහයක් ලබාගත්තා.

තරග අර්ධයේදී ලකුණු 21ට 3ක් ලෙස ඉදිරියෙන් සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!