ලංකාවට පමණක් ලොකු ලූනු දෙන්න ඉන්දියාව තිරණයක

ලොකු ලූනු අපනයනයට පනවා තිබු තහනම ශ්‍රී ලංකාව සඳහා පමණක් ඉවත් කිරීමට ඉන්දියාව තීරණය කර ඇති බව මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඒ අනුව ලොකු ලූනු මෙට්‍රික් ටොන් 10,000ක් දක්වා ශ්‍රී ලංකාවට අපනයනය කිරීමට මෙමගින් අවසර හිමි වනවා.

අලුත් අවුරුදු උත්සව සමය සැලකිල්ල ට ගෙන ඉන්දියාව එම තීරණය ගෙන තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!