ඉතිහාසයේ ප්‍රථම වරට ගොවි මැයි රැලියක් හෙට

මෙරට ගොවීන්ගේ අයිතීන් දිනා ගැනීම සදහා ප්‍රථම වරට ගොවි මැයි දිනයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මෙම මැයි පෙළපාලිය සහ රැලිය ඇඹිලිපිටිය නගරයේදී හෙට (01) පෙරවරු 10ට පැවැත්විමට නියමතයි.

ඇඹිලිපිටිය උඩගම වාපී උද්‍යානය අසලින් ආරම්භ වන ගොවි මැයි පෙළපාලිය ඇඹිලිපිටිය නගරයට පැමිණෙන අතර කාවන්තිස්ස විහාරස්ථාන‍ය අසල දී මැයි රැලිය පවත්වනු ලබනවා.

මෙම අවස්ථාවට ආදිවාසීන්ද සහභාගිවනු ඇති බවයි වාර්තා වන්නේ.

වලව ගොවි අයිතීන් සුරැකීමේ සංවිධානය මගින් මෙම රැලිය සංවිධානය කරනු ලබන අතර දිවයිනම ආවරණය වන පරිදි ගොවි නායකයන් මෙන්ම ගොවීන් විශාල ප්‍රමාණයක් ද මේ සඳහා පැමිණීමට නියමිතයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!