20 – 20 ලෝක කුසලානයට එන දකුණු අප්‍රිකා සංචිතය මෙන්න

2024 වසරේ ජුනි මාසයේ දී අමෙරිකා එක්සත් ජනපදය සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් කේන්ද්‍ර කරගෙන ආරම්භ වන 20යි 20 ලෝක කුසලානය සඳහා තරඟ වදින දකුණු අප්‍රිකානු සංචිතය නම් කර තිබෙනවා.

මෙවර දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ඒඩන් මක්‍රම්ට හිමිව තිබෙනවා.

එම සංචිතය සඳහා ක්‍රීඩකයන් ඇතුලත් කිරීමේ දී දකුණු අප්‍රිකාවේ මධ්‍යම කොන්ත්‍රාත් ලැයිස්තුවෙන් මෑතක දී බැහැර කරන ලද ඇන්රිච් නොකියා සහ ක්වින්ටන් ඩි කොක් යන ක්‍රීඩකයින් ඇතුලත් කිරීම කැපී පෙනෙනවා.

මෙම සුපිරි ක්‍රීඩකයන්ගෙන් සුසැදි දකුණු අප්‍රිකානු සංචිතය ලෙස නම් කර ඇති ක්‍රීඩකයන් වන්නේ, ඒඩන් මක්‍රම් (නායක), ජෙරාඩ් කොයෙට්සි, ක්වින්ටන් ඩී කොක්, බියෝන් ෆෝචූඅන් (Bjorn Fortuin), රීසා හෙන්ඩ්‍රික්ස්, මාකෝ යැන්සන්, හෙන්රික් ක්ලාසන්, කේෂ්ව් මහරාජ්, ඩේවිඩ් මිලර්, ඇන්රිච් නොකියා (Anrich Nortje), කගීසෝ රබාඩා, ටැබර‍යිස් ශම්සි, රයන් රිකල්ටන්සි (Ryan Rickeltonsi), ට්‍රිස්ටන් ස්ටබ්ස් යන අයයි.

මේ අතර අතිරේක ක්‍රීඩකයන් ලෙස නම් කර ඇත්තේ නන්ඩ්‍රේ බර්ගර් සහ ලුන්ගි නිගිඩි යන ක්‍රීඩකයන්.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!