සුඩානයේ ආහාර අර්බුධය උග්‍ර අතට හැරෙයි

සුඩානයේ ඇතිවන අඛණ්ඩ ගැටුම් හේතුවෙන් දැඩි මානුෂීය අර්බුදයක් මේ වනවිට ඉස්මතු ව තිබෙනවා.

ඉන් ආහාර අර්බුදය ඉතා බරපතල තත්ත්වයට හැරී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

සුඩාන ජනගහණයෙන් 40% ක් පමණ වන මිලියන 18 ක ජනතාව ආහාර නොමැතිකමින් පීඩාවට පත්ව සිටින බවත් , හදිසි මැදිහත්වීමක් නොකළහොත් මහා පරිමාණයෙන් කුසගින්න රට පුරා පැතිරෙන බවත් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නිලධාරි Rein Paulsen මහතා පවසනවා.

එමෙන්ම සුඩාන ජාතිකයන් මිලියන 10 කට වැඩි පිරිසකට ඇමරිකානු ඩොලර් මිලියන 104ක පිරිවැයක් දරා සහනාධාර සැපයීම එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 2024 වසරේ ඉලක්කයක් බවට පත්ව තිබෙනවා.

මේ වනවිට ඉන් 10% ක පමණ මුදලක් සම්පාදනය කරගෙන ඇති බව ද Rein Paulsen මහතා සඳහන් කරනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!