ගෙදර දීම මරුට බිළිවූ මල් කැකුළු දෙකක්

පඬුවස්නුවර සහ අරලගංවිල නිවෙස්වල දී සිදු වූ අනතුරු දෙකකින් කුඩා දරුවන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කළා.

අරලගංවිල රුහුණුගම ගම්මානයේ නිවෙසක ප්ලාස්ටික් ජල ටැංකියක් හිස මතට කඩා වැටීම නිසා අවුරුදු තුනහමාරක දැරියක මියගොස් තිබෙනවා.

මෙම අවාසනාවන්ත මරණයට මුහුණපා ඇත්තේ හිරුණි රශ්මිකා දෙව්මිණි නමැති දැරියක්.

ඇය තම වැඩිමහල් සොයුරිය සමග මිදුලේ සෙල්ලම් කරමින් සිටි අවස්ථාවේදී, දියනෑමට අවශ්‍ය බව පියාට පවසා ඇති අතර පසුව වැසිකිළිය අසල ජල කරාමය අසලට ගොස් කරාමය විවෘත කර තිබෙනවා.

වැසිකිළියේ වහලය උඩ තිබූ ජලය සහිත ප්ලාස්ටික් ජල ටැංකියක් ඇයගේ හිස මතට කඩා වැටී, ඇය ඊට යටවී ඇති බව ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර සිය නිවසේ මිදුලේ තිබූ කොන්ක්‍රීට්වලින් තැනූ ජිරාෆ් සතකුට යටවීමෙන් පඬුවස්නුවර දිග්ගලගෙදර ගම්මානයේ අවුරුදු අටක් වයසැති දරුවකු මියගොස් තිබෙනවා.

මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ එම ගම්මානයේ චේතිය චිරාන් නමැති හෙට්ටිපොල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ 3 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!