පාර්ලිමේන්තුව කැටයම් කළ කීර්තිමත් කලාකරු විමල් වික්‍රමසුරේන්ද්‍රයන් අභාවප්‍රාප්ත වෙයි

කීර්තියට පත් ප්‍රවීණ කලාකරු විමල් වික්‍රමසුරේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වුණා.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභා ගැබේ පිවිසුම් දොරටුවේ පිත්තල කැටයම මෙන්ම සභා ගැබ තුළ ඇති සියලුම කැටයම් ඔහුගේ නිර්මාණයන් වනවා.

පළාත් සභා කීපයකම සෙංකෝල ද ඔහුගේ නිර්මාණයන්‍.

ඒ මහතාගේ දේහය කළුතර දූව පංසල පාරේ පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට (18) සවස 6.00 ට වස්කඩුව ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!