අඩු ආදායම්ලාභීන්ට හාල් කිලෝ දහයක් දෙන්න කැබිනට් අනුමැතිය

අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් කිලෝග්‍රෑම් 10ක් ලබා දීමේ වැසටහන සඳහා, ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

හඳුනාගත් අඩු ආදායම්ලාභීන්ගේ පෝෂණ මට්ටම පවත්වාගෙන යාමට උපකාරයක් වශයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති අතර දිස්ත්‍රික් ලේකම්වරුන් සහ දිසාපතිවරුන් හරහා හඳුනාගත් අඩු ආදායම්ලාභී පවුල් මිලියන 2.74ක් පමණ ආවරණය පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඒ අනුව අදාළ පවුල් සඳහා සහල් කිලෝග්‍රෑම් 10ක් බැගින් මාස 2ක් සඳහා ලබාදීමට තීරණය කර ඇති අතර සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල්හිමියන් සම්බන්ධ කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!