දයාසිරිත් කෝප් කමිටුවෙන් යයි

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ද ඉල්ලා අස් වී තිබෙනවා.

ඒ බව ඔහු කතානායකවරයා වෙත දැනුම් දීමට කටයුතු කර ඇති බවයි පවසන්නේ.

මේ අතර කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් ඊයේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා ද ඉවත් වීමට කටයුතු කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!