අමෙරිකාවෙන් චීනයට තර්ජනයක්

එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් චීනය යුක්‍රේන ගැටුම සඳහා රුසියාවට අනුබල දීම නතර නොකළහොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව පවසමින් අනතුරු අඟවා තිබෙනවා.

සීතල යුද්ධයෙන් පසුව යුරෝපීය ආරක්ෂාවට එල්ලවන දැවැන්තම තර්ජනය මෙම සහයෝගීතාව බව ඇන්ටනි බ්ලින්කන් පවසා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම අමෙරිකාව චීනයට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග මොනවාද යන්න මේවනතෙක් ප්‍රකාශ කර නොමැති බවත් එහි සඳහන් වනවා.

ඊශ්‍රායලය සමග ඇති ගැටුම තවදුරටත් උත්සන්න කිරීමට එරෙහිව ඉරානය සමග ඇති සබඳතාවය යොදා ගනිමින් චීනය කටයුතු කරමින් සිටින බවට එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් අවධාරණය කර තිබෙනවා.

මෙම තත්ත්වය හමුවේ අමෙරිකාව චීනයට අයත් TikTok යෙදුම විකිණීමට හෝ අමෙරිකාවේ තහනම් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට නියමිත බවත් විදෙස් වාර්තා සඳහන් කරනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!