කුසල්ගෙන් ශතකයක්

ලංකා ප්‍රිමියර් ලීග් 2024 තරගාවලියේ ක්‍රීඩකයෙකු ලබා ගත් පළමු ශතකය වාර්තා කිරීමට දඹුල්ල සික්සර්ස් කණ්ඩායමේ කුසල් ජනිත් පෙරේරා අද (03) සමත් වුණා.

ඒ මේවන විට ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයේ දී.

එහි දී කුසල් ජනිත් සිය ශතකය වාර්තා කළේ පන්දු 51ක් තුළ වන අතර ඊට හතරේ පහර 10ක් සහ හයේ පහර 5ක් ඇතුළත් වුණා.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ මීට පෙර අදියරවල දී ශතක ලබා ගත් ක්‍රීඩකයන් වන්නේ, අවිශ්ක ප්‍රනාන්දු, බාබර් අසාම්, අන්ඩ්‍රේ ෆ්ලෙචර් සහ ලෝරි එවන්ස් යන ක්‍රීඩකයන්.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!