බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ගිය ශ්‍රී ලාංකික කත

මෙවර බ්‍රිතානයේ පැවැත්වුණු මැතිවරණයෙන් එම රටේ ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලාංකීක දෙමළ සම්භවයක් සහිත මන්ත්‍රීවරියක් පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබෙනවා.

කම්කරු පක්ෂය නියෝජනය කරමිනුයි ඇය පාර්ලිමේන්තුවට තේරීපත්ව ඇත්තේ.

උමා කුමරන් නමින් හඳුන්වන ඇය සිවිල් යුද සමයේදී සරණාගතයින් ලෙස බ්‍රිතාන්‍යට පළාගිය දෙමළ ජාතික යුවළකට දාව නැගෙනහිර ලන්ඩනයේදී උපත ලබා තිබෙනවා.

මේ අතර, ඓතිහාසික ජයක් වාර්තා කරමින් බ්‍රිතාන්‍යයේ 58වැනි අගමැති ධුරයට පත් කියර් ස්ටාමර් නව කැබිනට් මණ්ඩලය ප්‍රකාශයට පත්කර තිබෙනවා

ඒ අතරට කාන්තාවන් 11 දෙනෙකු ඇතුළත් වන අතර කැබිනට් මණ්ඩලයේ ඉහළම ධුර ද්විත්වයක් වන උප අගමැති ධුරය සහ පාර්ලිමේන්තුවේ චාන්ස්ලර් ධුරයද හිමිව ඇත්තේ කාන්තාවන් දෙදෙනෙකුට වීම විශේෂත්වයක්.

ඒ අනුව, 2015 වසරේදී කම්කරු පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ ඇන්ජේලා රේනර් හට බ්‍රිතාන්‍ය උප අගමැති ධුරය හිමිව තිබෙනවා.

රේචල් රීව්ස්හට පාර්ලිමේන්තුවේ චාන්ස්ලර් ධුරය හිමිවූ අතර ඇය වාර්තා අතරට එක්වන්නේ එම ධුරයට පත් පළමු කාන්තාව ලෙසය.

2000 වසරේදී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත්වූ ලාබාලතම පුද්ගලයා ලෙස වාර්තා අතරට එක්වූ ඩේවිඩ් ලැමී විදෙස් කටයුතු ලේකම්වරයා ලෙස පත්වී තිබේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!