එජාපයේ ජනාධිපති අපේක්ෂකයා තහවුරුයි -රුවන් කට අරී

රනිල් වික්‍රමසිංහ මහතා අනිවාර්යයෙන්ම ජනපතිවරණයට ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා අද (06) ගාල්ලේදී ප්‍රකාශයට පත් කළා.

එහිදී ඔහු සඳහන් කළේ ,

“රනිල් වික්‍රමසිංහ ජනපති මේ ජනපතිවරණයට ඉල්ලනවාද? නැද්ද? කියා දෙගිඩියාවක් ජනතාව තුළ තිබෙනවා.අනිවාර්යෙන්ම ඉදිරි ජනාධිපතිවරණයට අපේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වෙනවා” යනුවෙනි.

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී අනිවාර්යයෙන්ම ඔහු ජයග්‍රහණය කරන බවයි රුවන් විජයවර්ධන මහතා එහිදී සඳහන් කළේ.

එක්සත් ජාතික පක්ෂයේ ගාලු දිස්ත්‍රික් සම්මේලනය අමතමින් එජාප නියෝජ්‍ය නායකවරයා මේ බව පැවසුවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!