දකුණු පළාතේ පාසල් සිසුන්ට සුහුරු පංති කාමර හා ටැබ් පරිගණක – වටිනාකම මිලියන 300ක්

දකුණු පළාත් සුහුරු පන්ති කාමර ව්‍යාපෘතිය යටතේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත සුහුරු පංති කාමර 200ක් හා ටැබ් පරිගණක 2000ක් ලබාදීම අද (06) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල හෝල් ඩි ගෝල් ශාලාවේදී සිදු කෙරුණා.

දකුණු පළාත් සුහුරු පන්ති කාමර ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 300ක මුදලක් වැය කර තිබෙනවා.

කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ඉල්ලීම මත ඉන්දීය සහයෝගිතාව ඇතිව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!