කේට් කුමරියටත් පිළිකාවක්

තමා පිළිකා රෝගී තත්ත්වයකින් පෙළෙන බව වේල්සයේ කුමරිය වන කේට් මිඩ්ල්ටන් ඊයේ (22) වීඩියෝ පටයක් මගින් ලෝකයට අනාවරණය කළා.

ටික කලක සිට මහජනයාගෙන් දුරස්ථව සිටි ඇය සඳහන් කළේ, පිළිකා රෝග හඳුනා ගැනීම සඳහා වන රසායනික චිකිත්සාවකට භාජනය වීමෙන් අනතුරුව ඒ බව හඳුනා ගත් බවයි.

ඉකුත් ජනවාරියේ දී උදරයේ ශල්‍යකර්මයකට භාජනය වූ කේට් කුමරිය, ඉන් අනතුරුව පවසා සිටියේ, ඇගේ ආබාධය තත්ත්වය පිළිකාවක් නොවන බවත්, සැත්කම ද සාර්ථක වූ බවයි.

කෙසේ නමුත් එම අදහස බැහැර කරමින්, කේට් කුමරිය ඊයේ මෙම කණගාටුදායක පුවත ලෝකය සමග බෙදා ගත්තා.

නමුත් ඇයට ඇත්තේ කුමන ආකාරයේ පිළිකාවක්ද යන්න හෝ එය කුමන අවධියක වර්ධනය වූවක්ද යන්න විලියම් – කේට් යුවළගේ රාජකීය පවුල වන කෙන්සිංටන් මාලිගය මෙතෙක් ප්‍රසිද්ධ කර නැහැ.

බ්‍රිතාන්‍යයේ අනාගත රජු වන විලියම් කුමරුගේ බිරිඳ කේට් කුමරිය වන 42 වැනි වියෙහි පසුවනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!