‘ජයගමු ශ්‍රී ලංකා’ අදත් මාතලේ

‘ජයගමු ශ්‍රී ලංකා’ අද ( 23) දිනයේදීත් මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

‘ජයගමු ශ්‍රී ලංකා’ මාතලේ වැඩසටහන ඊයේ දිනයේ ආරම්භ වූ අතර විශාල ජන සහභාගිත්වයක් ඒ සඳහා දක්නට ලැබුණා.

වැඩසටහනේදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයට අනුබද්ධ සියලුම ආයතන කෙරෙන් ලැබිය යුතු සේවා පිළිබඳව වෘත්තිකයින් දැනුවත් කිරීම, තරුණ තරුණියන් දස දහසකට ජනාධිපති අරමුදල මගින් වෘත්තීය පුහුණුව ලබා දීමට කටයුතු සැලසීම, ශ්‍රී ලංකාවේ විගමණික ශ්‍රමිකයන්ගේ දරුවන් ඉගෙනුම ලබන පාසල්වල සුහුරු පන්ති කාමර සඳහා ස්මාට් බෝඩ් ලබා දීම යනාදී කටයුතු ගණනාවක් සිදුවනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!