එයාර්බස් ගනුදෙනුවේදී අල්ලස් ලබාගැනිමට සම්බන්ධ බවට එල්ල වී ඇති චෝදනාව නිසා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ සැප්තැම්බර් 30 වැනිදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ .
නාමල් රාජපක්ෂගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය කොළඹ මහේස්ත්රාත් අධිකරණය විසින් අද දින ප්රකාශයට පත්කිරීමට නියමිතව තිබුනද, එම නියෝගය සැප්තමබර් 30 වනදා ප්රකාශයට පත්කරන බව මහේස්ත්රාත්වරයා පැවසීය.