ඊයේ පස්වරුවෙ ඇතිවූ මහ වර්ෂාව සමග කොළඹ අගනගරය ඇතුළු සියළු තදාසන්න ප්‍රදේශවල ජලගැමීම් ඇතිවීමෙන් ජනතාව බරපතල අපහසුතාවයකට ලක්වූ බව අප වාර්තා කරුවෝ පවසති . ජාතික රෝහල අසළ නොරිස් පාර, කිංග්ස් පාර ඇතුළු තදාසන්න් මාර්ග රැසක් වැසි වතුරෙන් පිරීයාම සමග දඩි වාහන තදබදයක් නිර්මාණය වූ අතර රැකියා නිමවී නිවෙස් කරායන බොහෝ දෙනෙක් ඉන් බරපතල අපහසුතාවයකට ලක්විය.
පසුගිය පැය 24 ක කාලය තුළ මෙරට වැඩිම වර්ෂාපතනය කොළඹ දිස්ත්‍රික්කයේ තිඹිරිගස්යාය ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර, එම අගය මිලිමීටර් 146.60ක් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම, කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය ප්‍රදේශයෙන් මිලිමීටර් 125.50ක වර්ෂාපතනයක් ද, ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රදේශයෙන් මිලිමීටර් 117.60ක වර්ෂාපතනයක් ද වාර්තා වී තිබේ.
මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළයෙන් වාර්තා වී ඇති වර්ෂාපතනය මිලිමීටර් 116.60 කි .