වැලිසර බන්ධනාගාරයේ රඳවා සිටින අපරාධකරුවන් ලෙස සැලකෙන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ සහ මන්දිනු පද්මසිරි නොහොත් කෙහෙල්බැද්දර පද්මේ යන රැඳවියන් අතර බන්ධනාගාර පරිශ්‍රය තුළදී ගැටුමක් හටගෙන ඇත .
ඉකුත් 22 වනදා රාත්‍රියේ මෙම ගැටුම සිදුව ඇති අතර ඒ පිළිබඳව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ගැටුම අතරතුරදී තුවාල ලැබූ කෙහෙල්බැද්දර පද්මේ නමැත්තා වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකර ඇති අතර, බන්ධනාගාර දෙපාර්තමේන්තුව තහවුරු කළ පරිදි ඔහු දැනට වැලිසර බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා සඳහන් කල්රයි.
මෙම ගැටුමට මුල් වූ සැබෑ හේතු සහ ඊට අදාළ වටපිටාව සැකසුණු ආකාරය පිළිබඳව පුළුල් ලෙස සොයාබැලීම සඳහා සහකාර බන්ධනාගාර අධිකාරීවරයකු පත්කිරීමට බන්ධනාගාර බලධාරීන් පියවර ගෙන තිබේ.