දෙසම්බරයේ 23000 කට ගුරු පත්වීම් .

උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගයේ ප්‍රතිඵල මෙම මාසය අවසන් වීමට පෙර නිකුත් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි .

ඉකුත් මැයි 24 වැනිදා පැවති මෙම විභාගයට අයදුම්කරුවන් 163,433 දෙනෙකු පෙනී සිටි අතර, එහි ප්‍රතිඵල මත පදනම්ව උපාධිධාරීන් 23,000 ක් ගුරු සේවයට බඳවා ගැනීමට නියමිතය . ගැනීම්වලට අදාළ සම්මුඛ පරීක්ෂණ එළඹෙන ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වීමෙන් අනතුරුව දෙසැම්බර් මාසයේදී ඔවුන්ට පත්වීම් ලබාදීමට නියමිතය .

දැනට රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් අතුරින් 15,000 ක්ද, විවෘත පදනම යටතේ තවත් 8,000 ක්ද සේවයට එක්කර ගැනීමට නියමිතය. මේ අතර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන් 6,500 ක්ද ලබන වසරේ පෙබරවාරි මාසය වන විට ගුරු සේවයට බඳවා ගැනීමට නියමිතය .