ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබනා විදෙස් සිසුනට තවත් බාධාවක් .

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන්ට ඔවුන්ගේ ස්වාමිපුරුෂයා, බිරිඳ හෝ දරුවන් එරටට ගෙනඒම තහනම් කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර ඇතිබව වාර්තා වෙයි .

ඊට අමතරව මේ වන විට තාවකාලික වීසා මත එරට රැඳී සිටිනා පිරිසට වෙනත් වීසා කාණ්ඩවලට මාරුවීම සඳහා වන නීති තව දුරටත් දඩි කිරීමට නියමිත බවත් ඉදිරියේදී එරට ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ක් විසින් නව සංක්‍රමණික ප්‍රතිපත්ති පිළිබඳව නිල වශයෙන් දැනුම්දීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දැනට වසරකට 300,000ක් පමණ සංක්‍රමණිකයන් ලෙස ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙයි . එම සංඛ්‍යාව 2028 වන විට 225,000 දක්වා අඩු කිරීමට එරට රජය බලාපොරොත්තු වෙයි .

දැනට පවතින නීතිවලට අනුව, සිසුන්ගේ සහකරුවන්ට ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරතවීමටත්, වයස අවුරුදු 18ට අඩු දරුවන් කැඳවාගෙන ඒමටත් අවස්ථාව තිබුණි. නව නීති මගින් එම අවස්ථාව ආහිමි කිරීමටටත්, එමගින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වන පිරිස් අධෛර්ය කිරීමටත් එරට රජය බපා පොරොත්තු වෙයි .