ගම්පහ, අස්ගිරිය ප්‍රදේශයේ දී අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලිසිය විසින් ඊයේ (12) රාත්රියේදී වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ . මෙම වෑන් රිය ගම්පහ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමට යොදාගත් එකක් බව බුද්ධි තොරතුරු මගින් සනාතව ඇතිබවද වාර්තා වේ.
බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයෙන් ලද තොරතුරකට අනුව වැලිවේරිය පොලිස් ස්ථානයේ නිළධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ රාත්‍රියේ මෙම වෑන් රිය නතර කිරීමට අණ දුන් අවස්ථාවේ එම වෑන් රිය නොනවත්වා ධාවනය කිරීමට උත්සහ කර ඇති අතර එම අවස්ථාවේ මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත.
පොලිසිය දුටු වෑන් රථයේ රියදුරු මාර්ගයේ ගමන් ගත් වාහන කිහිපයක් අනතුරට පත් කරමින් පලායාමට උත්සහ කර ඇත . එහිදී පොලිස් නිළධාරීන් විසින් වෑන් රථය දෙසට වෙඩි තැබීමක් සිදුකර ඇත . එම වෙඩි තැබීමෙන් වෑන් රථයේ රියදුරුද තුවාල ලබා ඇති අතර ඔහු මේවන විට පොලිස් ආරක්ෂාව යටතේ ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබනා බව වාර්තා වේ.
අනතුරුව සිදුකළ පරීක්ෂාවේදී වෑන් රථය තුළ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 9 ක්ද පොලීසිය විසින් සොයාගෙන තිබේ. සිද්ධිය සම්බන්ධව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.