ජනතාවාදී රජයක් බලයට පැමිණීම හේතුවෙන් අපරාධකාරී විපක්ෂයට විපත්තියක් සිදුව ඇතිබවත්, එදා කවුද හොරා කියල කෑගෑසූ රනිල් වික්‍රමසිංහ පාර්ශවය පවා දැන් නාමල්ව හිරේ දැමූ විට අනේ අපොයි කියනා බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය . එහෙත් නාමල් බන්ධනාගාර බස් එකේ වැලිකඩට යනවිට පවා ඔහුට ජය වේවා කියන අයත් ඉන්නා බව නියෝජ්‍ය ඇමති එරංග ගුණසේකර පැවසීය.
ජනවරමට අනුව 22 වෙනි සංශෝධනය ගැන පාර්ලිමේන්තුවේදී තීන්දු තීරණ ගන්නා බවත්, අධිකරණය ලබාදෙන තීන්දුවත් සමඟ පාර්ලිමේන්තුවේදී එම පනත සම්මත කරගන්න බවත් එමගින් වසර ගණනාවක් තියෙන නඩුවල ප්‍රමාදයේ වළක්වා ගත හැකිවනු ඇතිබවත් ඔහු සඳහන් කළේය .
ජාතික ජන බලවේගය ජනතාවාදී ආණ්ඩුවක් නිසා මැතිවරණ නැතත් ජනතාව අතරට යනබවත් රටපුරා රැස්වීම් මාලාවක් පැවැත්වීමට හේතුව ඒක බවත් ඔහු සඳහන් කළේය.