දෙහිවල සිරිසඟබෝ මාවත ප්‍රදේශයේ නිවසකට නාඳුනන පුද්ගලයෙකු විසින් අද අළුයම අත්බෝම්බ ප්‍රහාරයක් එල්ලකර ඇත . එම ප්‍රහාරයෙන් නිවසේ සිටි දරුවන් දෙදෙනෙකු මියගොස් ඇතිබව පොලිසිය පවසයි .
මෙම ප්‍රහාරයෙන් නිවසේ සිටි 55 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ දරුවන් දෙදෙනා බරපතල තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ. ප්‍රතිකාර ලබනා අතරතුර දරුවන් දෙදෙනා මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.
මියගොස් ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 11 සහ 17 වයස්වල පසුවන පිරිමි දරුවන් දෙදෙනෙකි.
ප්‍රහාරයට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත . දෙහිවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.