ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් සීඝ්රයෙන් ඉහළ යමින් පවතී. ඒ අනුව අද (11) උදෑසන වන විට ලෝක වෙළෙඳපොළේ ප්‍රධාන බොරතෙල් වර්ගය වන බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 108 සීමාව ද ඉක්මවා ගොස් ඇතිබව විදෙස් මාධ්‍ය පවසයි .
පසුගිය ජූලි 24 වැනිදායින් පසු ඉකුත් 9 වැනිදා බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාව පසුකළ අතර, එතැන් සිට නොකඩවා මෙලෙස තෙල් මිල ඉහළ යමින් ඇත.
බ්‍රෙන්ට් තෙල් මිල ඉහළ යාමට සමගාමීව අමෙරිකානු වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් (WTI) බොරතෙල් බැරලයක මිල ද ඩොලර් 103.34 දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම මර්බන් (Murban) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 122.48 ක් ලෙස සටහන් වී ඇත.