ත්‍රිකුණාමලය, ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථාන පරිශ්‍රයේ කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධියට අදාළ නඩුව අද ත්‍රිකුණාමළය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කඳවනු ලැබීය.
ඒ මීට පෙර එම නඩුව අධිකරණය හමුවේ කැඳවනු ලැබු අවස්ථාවේ බලංගොඩ කස්සප හිමියෝ අධිකරණය හමුවේ පෙනී නොසිටීමේ චෝදනාව මතය . ඒ අනුව එහිමියන් හෙට (17) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය අද (16) නියෝග කර තිබේ.