ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීම හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත .
එම කාලගුණ පද්ධතිය තවදුරටත් ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරමින් පවතින අතර, අද (16) සවස් කාලය වන විට දකුණු සහ බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේදී සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි .
එමෙන්ම හෙට (17) දිනය වන විට එය බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේදී ප්‍රබල සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවටද පුරෝකථනය කර තිබෙ.
ඒ අනුව උතුරු අක්ෂාංශ 05 ත් 15 ත් අතර සහ නැගෙනහිර දේශාංශ 80ත් 90ත් අතර මුහුදු ප්‍රදේශවල මෙන්ම කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල යෙදීමෙන් නැවත දැනුම් දෙනතුරු වළකින ලෙස ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙයි .
දැනට එම මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නිරතව සිටින පිරිස් වහාම ආරක්ෂිත ප්‍රදේශ වෙත ගමන් කරන ලෙසත්, මීට අදාලව ඉදිරියෙදී නිකුත්කරන කාලගුණ වාර්තා පිළිබඳව අවධාය යොමුකරනා ලෙසද එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි .