මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (11) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට (FCID) කැඳවා ඇති බව වාර්තා වෙයි.
මේ අතර, එම ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක ඊයේ පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබුන අතර ඔහු ඊට අදාල ප්‍රකාශය ලබාදීමෙන් පසු පිටව ගිය බව වාර්තා වේ.