අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පොදු සමාව ලබාදීම නීති විරෝධි බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය .
මෙම පොදු සමාව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ප්‍රධානය කළ අතර එය නීතියට පටහැනිව ලබා දී අතිබව ශ්‍රේෂ්ඨාධිකරණය අද ලබා දුන් තීන්දුවෙන් තහවුරු වෙයි . මීට අමතරව රෝයල් පාක් මිනිමැරුමට වැරදිකරු වූ ශමන්ත ජයමහ නමැත්තාට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ලබාදුන් ජනාධිපති සමාවද නීති විරෝධී බව කලකට පෙර අධිකරණය තීන්දු කළේය.