ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ පූජනීය කරඬුව වැඩම කරවන “වාසනා” හස්තියා, මින් ඉදිරියට මහනුවර දළදා පෙරහැර වැනි ප්‍රධාන ඓතිහාසික සිද්ධස්ථාන හැර වෙනත් සාමාන්‍ය පෙරහැර සඳහා ලබා නොදීමට තීරණය කළ බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ තිළිණ මධුශංක පවසයි.
දිවයිනේ විවිධ ප්‍රදේශවල පැවැත්වෙන පෙරහැර සඳහා වාසනා හස්තියා ලබාදෙන ලෙස විශාල වශයෙන් ඉල්ලීම් ලැබෙන බවත්, එලෙස විවිධ ස්ථාන වෙත දීර්ඝ ලෙස රථවලින් ප්‍රවාහනය කිරීම නිසා ඇතාට දැඩි වෙහෙසක් හා පීඩාවක් සිදුවන බවත් බස්නායක නිලමේවරයා පෙන්වා දෙයි. ඒ අනුව මෙම තීරණය හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සළකා ගත් එකක් බව බස්නායක නිළමේවරයා සඳහන් කරයි .
මේ වන විට 58 වැනි වියෙහි පසුවන වාසනා හස්තියා, දිවයින පුරා ජනතාවගේ දැඩි ආදරයට සහ ගෞරවයට පාත්‍ර වූ හස්තියෙකි.