සූර්ය, සුළං බල විදුලිය ජනනය කිරීම ගජ මිතුරන්ට .

වත්මන් ආණ්ඩුවේ ඇතැමුන්ගේ තාඩන පීඩන වලට බිය නොවන බවත්, එසේම හිරේ දැම්මත් ආණ්ඩුවට තම කශේරුකාව නොනමන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවසීය .

ශ්‍රී ලංකාවේ මෑත කාලීන ඉතිහාසය විමසා බැලීමේදී දිගුකල් බලයේ සිටීමට උත්සහ කළ පාලක පාලිකාවන්ට ඉතාමත් නරක මෙන්ම දරුණු අත්දැකීම්වලට මුහුණදෙන්නට සිදු වූ බවත්, රටේ ප්‍රජාතන්ත්‍රවාදයත්, බහුවිධ පක්ෂ ක්‍රමයත් නැති කිරීමට කිසිම පාර්ශවයකට ඉඩ නොදෙන බවත් ඔහු එහිදී අවධාරණය කළේය .

ඔහු පවසා සිටියේ කොළඹ නගරයේ කැලිකසළ ප්‍රශ්නය, ගංවතුර ප්‍රශ්නය විසඳුවේ වත්මන් රජය නව ඇතැමුන් පැවසූවද එකී ගැටළු පෙර පැවති ආණ්ඩු විසින් විසඳ තිබූ බවය . එපමණක්ද නොව පැය විසිහතර පුරාම විදුලිය ලබා දී ඇත්තේ ද එම ආණ්ඩුවලින් වන බවද ඔහු සඳහන් කළේය. ඉතිහාසයේ පැහැදිළිව සඳහන්ව ඇතෛ මෙම කරුණුවලට කිසිවෙකුටත් අභියෝග කළ නොහැකිබවද ඔහු පැවසීය .

පුණර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතය ගැන අදහස් දැක්වූ හිටපු අමාත්‍යවයා පැවසූවේ රටේ සූර්ය බලය, හා සුළං බලය පමණක් නොව කුඩා ජල විදුලි බලය ජනනය කිරීම පවා පාලනය කිරීමට ආණ්ඩුව තම ගජ මිතුරු ජාවාරම්කරුවන් දෙදෙනෙකුට ඉඩ ලබා දී ඇති බවයි . මේ ආණ්ඩුව බලයට පත්වීමට ප්‍රධාන හේතුව පෙර පැවති රජයන්ගේ සමයේ සිදුවූ අසමත් කම් බව අප සියළු දෙනා වටහාගත යුතුව ඇතිබව හිටපු අමාත්‍ය පාඨළී චම්පික රණවක එහිදී පෙන්වා දුන්නේය .

කොළඹ පදනම් ආයතනයේ ඊයේ (05) පැවති එක්සත් ජනරජ පෙරමුණේ 4 වන වාර්ෂික සමුළුව අමතමින් ඔහු මේ ලෙස අදහස් දක්වීය . මේ අවස්ථාවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල් පීරිස් ඇතුළු දේශපාලන නියෝජිතයින් රැසක් එක්ව සිටිහ .