විමල්ගේ අල්ලස් නඩුවේදී සිදුවූ දෙය

හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් වැඩිදුර විභාගය සඳහා ලබන 22 වනදා කැදවන ලෙස කොළඹ මහාධිකරණය අද(03) නියම කර තිබෙනවා.

ඒ එම නඩුව අද (03) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළේය .

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 75 කට අධික වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් වන මෙම නඩුවේ ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුව යළි විභාගය සඳහා ලබන 22 වනදා කැඳවන ලෙස නියෝග කළ අතර එදිනට සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් විනිසුරුවරයා විසින් නියෝග කළා.

හිටපු අමාත්‍ය විමල් වීරවංශට විරුද්ධව ඉකුත් යහපාලන රජය සමයේ අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකරනා ලදි .