ජනපති ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරවය දක්වයි .

ජනාධිපති අනුර දිසානායක ප්‍රවීණ ගායන ශිල්පියෙකු හා රංගන ශිල්පියෙකු වූ අභාවප්‍රාප්ත ප්‍රියංකර පෙරේරාට ඊයේ සිය අවසන් ගෞරව දැක්වීය .

කලක් රෝගාතුරව සිටි ඒ මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 01 රාත්‍රියේ මියගියේය. මියයන විට ඒ මහතා 64 වන වියෙහි පසුවූ ඔහු මෙරට ජනකාන්ත ගායක ජේ. ඒ . මිල්ටන් පෙරේරාගේ පුත්‍රයා විය.